පළාත් සභා අහෝසි කළ යුතුමයි! රාජද්‍රෝහි වුණත් දේශද්‍රෝහී වෙන්න බෑ! – සරත්

September 30, 2020 at 6:24 pm | by emanisa.lk

තමා රාජද්‍රෝහියෙකු වුව ද දේශද්‍රෝහියෙකු නොවන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

සිංහල වීර විදහන ජාතික සංවිධානය විසින් “පළාත් සභා අහෝසි කරමු ” මැයෙන් රජයට ඉදිරිපත් කිරීමට යෝජිත ජනතා පෙත්සම වෙනුවෙන් අත්සන් ලබා ගැනීම සඳහා ඊයේ (29) සම්බුද්ධත්ව ජයන්ති මන්දිර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සව අඅවස්ථාවේ විශේෂ ආරාධිත දේශනය පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මං දැරූ ස්ථාවරයේ වෙනසක් නෑ. 13 වැනි සංශෝධනය වහාම අහෝසි කිරීමට අවශ්‍යයයි. අපි ඒ සඳහා විරුද්ධ වන්නේ කිසියම් ප්‍රතිපත්ති මාලාවක් මත සිටයි.

මෝදි මහත්තලා කියනවා දෙමළ සන්ධානය එක්ක කතා කරලා විසඳුමක් හොයා ගන්න කියලා. ප්‍රභාකරන් පරාද කරලා දෙමළ සන්ධානය එක්ක විසඳුම් ගැන සාකච්ඡා කිරීම දෙවන ලෝක යුද්ධයෙන් හිට්ලර් පරාදා කරලා නාසි එක්ක විසඳුමක් ගැන චර්චිල් කතා කරනවා වගේ වැඩක්.

මේ වෙද්දි උතුරු පළාක් සභාවේ විග්නේෂ්වරන්ලලා ප්‍රඥාප්ති 27ක් සම්මත කරගෙන තියෙනවා. මේ සියල්ල බෙදුම්වාදය වෙනුවෙන් කළ දේවල්. අපි පළාත් සභා ඔස්සේ එන බෙදුම්වාදයට එරෙහි විය යුතුයි. මම රෝහී වුවත් දේශද්‍රෝහියෙකු නම් වෙන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස