පළාත් සභා අහෝසි කරන කතාවක් මම නම් කීවේ නෑ! – සරත් වීරසේකර

September 19, 2020 at 11:21 pm | by emanisa.lk

පළාත් සභා ක්‍රමය අහෝසි කරන බවක් තමන් විසින් ප්‍රකාශ කළේ නැතැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.

පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් තමන් පෙර සිට ම විරුද්ධ ස්ථාවරයක සිටි බවත් දැන්ද එම ස්ථාවරයේ සිටින බව බවද ඔහු කියා සිටියේය.

පළාත් සභා මේ රටක ලැබුණේ 13 වන සංශෝධනය ඔස්සේ දේශපාලන වුවමනාවක් මත මිස ආර්ථික උවමනාවක් මුල් කරගෙන නොවන බවද ඔහු තව දුරටත් පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *