පළමු කොවිඩ් එන්නත් තොගය හෙට උදේ 11ට ශ්‍රී ලංකාවට….! මුලින් ම එන්නත කොරෝනා මර්දන සටනේ නියමුවන්ට…!

January 27, 2021 at 11:59 am | by emanisa.lk

කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත ය.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00ට මෙ රටට පැමිණීමට නියමිත බව ය.

මෙ රට පැතිර යන කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙ රටට ලබා දෙන බව සඳහන් ය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කෙරේ.

ඉන්දීය ගුවන් සේවයට අයත් AI-281 දරන ගුවන් යානයෙන් විශේෂ ශීතාගාරයක් තැන්පත් කර මෙම එන්නත් ලක්ෂ 05ක තොගය මෙ රටට රැගෙන ඒමට නියමිත ය. මෙරට කොරෝනා මර්දනයෙහි නිරත සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු දෙලක්ෂ පනස් දහසකට ලබා දීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස