දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 5 දෙනා නිදහස් කර තිබේ.
මඩකළපුව මහාධිකරණයේ දී අද දින නඩුව කැඳ වූ අවස්ථාවේදී විනිසුරු ඩී.එස්. සූසෙයිදාසන් විසින් විත්තිකරුවන් 5දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ ය.
ජෝසප් පරරාජසිංහම් මහතා 2005 වසරේ දෙසැම්බර් මස 25 වන දා වෙඩි තබා ඝාතනය කෙරිණ.
2015 වසරේ අත්අඩංගුවට ගත් චන්ද්‍රකාන්තන් අවුරුදු 5කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටි අතර ඔහු 2020 මහා මැතිවරණයට තරඟ කර ජයග්‍රහණය කළේ ද බන්ධනාගාරගතව සිටිය දී ය.