චන්ද්‍රකාන්තන්ට ඇප ලැබුණොත් කැබිනට් ඇමති ධුරයක්!

August 19, 2020 at 3:56 pm | by emanisa.lk

TMVP නායක සිවනේෂ් තුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට ඇප ලබා ගැනීමට හැකි වුවහොත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දීමට පොදුජන පෙරමුණු රජය සුදානමින් සිටියි.

පසුගිය මහ මැතිවරණයට සිර ගෙදර සිටම නාම යෝජනා භාර දී ඉදිරිපත් වූ පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වී සිටියි.

පිල්ලෙයාන් නායකත්වය දරන TMVP පක්ෂය පොදුජන පෙරමුණු ආණ්ඩුවට සහය දෙන එහි සන්ධානගත පක්ෂයකි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පිල්ලෙයාන් ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනගාරගතව සිටියි.

චචන්ද්‍රකාන්තන් මීට පෙර නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *