රටට මහා සේවයක් කළ ශානි හිරේ! කොටි පිල්ලෙයාන් ගෙදර! – හරීන්

November 25, 2020 at 3:38 pm | by emanisa.lk

ගොරකා කාපු රිලවාට වෙච්ච දේ මේ ආණ්ඩුවටත් සිදුවී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද (25) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ ය.

භික්ෂූන්ගේ හා සොල්දාදුවන්ගේ නම විකුණගෙන බලයට ආ මහා සිංහල ආණ්ඩුව ඊයේ (24) ඉතා අශෝබන වැඩක් කළ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

දළදා මාලිගාවට බෝම්බ ගැසූ, අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ, සොල්දාදුවන් විශාල පිරිසක් ඝාතනය කළ, බන්ධනාගාරයේ සිටිද්දී දීපාවලියටත් ගෙදර ගිය පිල්ලෙයාන්ට ඊයේ (24) ඉතා ලස්සනට බේල් කරද්දි රටේ අපරාධ මැඩීමට විශාල සේවයක් කර ශානි අබේසේකරව ජේල් කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට ශානි අබේසේකර කොවිඩ් 19 රෝගයට ද ගොදුරු වී තිබෙන බව ද මන්ත්‍රීවරයා අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස