පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකාන්තන් නිදහස්…! ඔහුට එරෙහි නඩුව ඉදිරියට ගෙන යන්නේ නෑ..!

January 11, 2021 at 2:13 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව පවතින නඩුව තව දුරටත් පවත්වා ගෙන යාමට බලාපොරොත්තු නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) දින මඩකලපුව අධිකරණයට දැනුම් දී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 වසරේ දී ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

පිල්ලේයාන් නඩු පවරා අත්අඩංගුවට ගන්නා ලද්දේ පහුගිය රජය විසිනි. ඒ 2015 ඔක්තෝබර් 11 වන දාය. එතැන් පටන් බන්ධනාගාරයේ සිටි ඔහු 2020 මහා මැතිවරණයට තරඟ කර ජය ගත්තේ ය.

මෙම ඝාතනය සිදු වූ බවට චෝදනා එල්ල වන කාලය වන විට චන්ද්‍රකාන්තන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වී නොසිටි අතර නැඟෙනහිර කොටි නායකයෙකු ලෙස කටයුතු කළේ ය.

පසුව ඔහු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සමඟ කොටි සංවිධානයෙන් බිඳී කොටි පරාජය කිරීමට සහාය ලබා දුන්නේ ය. මානුෂීය මෙහෙයුම අවසානයේ කොටි සාමාජිකයන් 10 000කට වඩා නැවත පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේ ය.

චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූයේ දෙමළ සන්ධාන බලපෑම් මත බව පැවසෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *