පරණ ව්‍යවස්ථා රෙපෙයාර් කරගෙන දුවන්න ලෑස්තිවෙන්න එපා! ජනමතයට හිස නමමින් අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න! – ඇල්ලේ හිමි

August 26, 2020 at 11:20 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑලි ගලවා කෑලි සවි කර අලුත්වැඩියා කිරීමට සූදානම් නොවන ලෙස කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කළේය.

අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සහ යුතුකම ජාතික සංවිධායක අනුප පස්කුවල් අද (26) උන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ එහිමියන් මේ බව ප්‍රකාශ කළහ.

ජනතාව 2/3 බහුතර බලයක් ලබා දී ඇති බවත් ඒ ජනමතය පදනම් කරගෙන නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවත් ගුණවංශ හිමි අවධාරණය කළේය.

රට නැමති ගසෙහි අතු කොළ නොව කඳ සහ මුල රැකගත යුතු බවත් එවිට අතු කොළ සුරැකෙන බවත් උන් වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස