පටු වාසි බලමින් ආරවුල් මැද ආණ්ඩු කිරීම ප්‍රශ්නයක්! ජන මතයට ගරු කර වහාම මහා මැතිවරණයක් පවත්වන්න! – කුරුණෑගල රදගුරු

June 4, 2019 at 7:44 am | by admin

අද රටේ උදාවී තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුව මහා මැතිවරණයකට යාම ඉතාම සුදුසු බව කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පියතුමා පවසයි.

රටේ මහ ජනතාවගේ එකම අදහස මැතිවරණයකට යෑම යැයි ද ජනතාවගේ කැමැත්තට ඉඩ දීමෙන් දැනට රටේ පවතින නොසන්සුන්තාව නැතිවෙන බවද කී රදගුරුතුමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉඩදී මහ මැතිවරණයකට යෑමෙන් මෙම අර්බුදය විසඳීමට හැකි වන බවද කීවේය.

එබැවින් මහා මැතිවරණයක් ලබාදෙන ලෙස මුළු රටම හඬනගන ඉල්ලීමට කන්දීම ආණ්ඩුවේ යුතුකම යැයි ද මේ මොහොතේ පටු වාසි බලා ආරවුල් මැද්දේ ආණ්ඩු කිරීම ප‍්‍රශ්නයක් බවද රදගුරුතුමා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස