නීතිපතිතුමාගේ ඍජු ප්‍රතිපත්තිය මම රටට ගෙන ගියා…! එතුමාට කලින් මම ඉවත් වෙනවා…! – නිශාරා ජයරත්න…

May 12, 2021 at 10:25 am | by emanisa.lk

නීතිපති දප්පුල ද ලිවේරා නීතිපති ධුරයෙන් විශ‍්‍රාම යෑමට නියමිත දිනට පෙර එනම් ලබන 24 වැනි දා තමා මෙතෙක් දැරූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී තනතුරින් ඉවත් වන බව රජයේ නීතිඥ නිශාරා ජයරත්න පවසයි.

නිශාරා ජයරත්න එකී තනතුරින් ඉවත්වීමට අදාළ අභ්‍යන්තර ගැසට් නිවේදනය නීතිපතිවරයා විසින් ඊයේ (11) නිකුත් කළ තිබේ.

අවුරුදු 136 ක් නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ නීතිපතිවරයා වෙනුවෙන් සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කළේ ප්‍රථම වතාවට ය.

සිය තනතුර නිසා නීතිපති දෙපාර්තමේන්තුවට කෙතරම් වැඩ කොටසක් ඉටු කළ හැකි ද යන්න ජනතාව තේරුම් ගත් බවත් රටේ ජනතාව සංවේදි වන ඉතා වැදගත් කටයුතු ගැන දැන ගැනීමට තිබෙන ජනතා අයිතිය නීතිපති දප්පුල ද ලිවේරා විවෘත කර දුන් බවත් නිශාරා ජයරත්න පවසයි.

රටේ බහුතරයක් නීතිපතිවරයාගේ විනිවිදභාවය, සෘජු ප‍්‍රතිපත්ති ගරුක බව ගැන පැහැදීමකින් සිටින බව ලැබෙන ප‍්‍රතිචාර අනුව පෙනී යන බවත් එතුමාගේ ඒ ආකල්පය ජනතාව අතරට ගෙන යාමට තමා උපරිම සහාය ලබා දුන් බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *