නව නීතිපතිට මාධ්‍ය ප්‍රකාශක ලා එපා වෙයි….! නිශාරාගේ තටු සිඳෙයි…!

May 11, 2021 at 9:03 pm | by emanisa.lk

නව නීතිපති ධූරයට සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් පත්වීමත් සමඟ නීතිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර ද අහෝසි වන බව වාර්තා වෙයි.

නීතිපති දප්පුල ද ලිවෙරා සමයේ ප්‍රථම වතාවට මෙම මාධ්‍ය ප්‍රකාශක ධූරය පිහිට වූ අතර රජයේ නීතීඥ නිශාරා ජයරත්න එම ධූරයට පත් කෙරිණි.

පසුගිය සමයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිශාරා ජයරත්න මෙම තනතුර පදනම් කරගෙන විශාල බලයක් ගොඩ නඟා ගෙන තිබූ බව ද කියවෙයි.

කෙසේ වුව ද දප්පුල ද ලිවේරා නීතිපති ධූරයෙන් විශ්‍රාම ගිය පසු නිශාරා ජයරත්න ඇගේ සාමාන්‍ය තනතුරට සීමා වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *