ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හමුව වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතාව පිළිබඳ නිදහසට කරුණු නොපවසා සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මාධ්‍ය සම්බන්ධීකරණයේ දී සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා ඇති වූ මෙම තත්ත්වය පිළිබඳ කනගාටු වන අතර නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවන තැනට වගබලා ගන්නා බවත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවත් ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි.