හෙට මහනුවර සිංහල දෙමළ කඩ වැසේ! ව්‍යාපාරිකයන් රතන හිමිට සහාය පිණිස මාළිගාව අබියසට!

June 2, 2019 at 11:01 pm | by admin

පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරුලියේ රතන හිමියන් විසින් දළදා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය දීම සඳහා හෙට මහනුවර නගරය සියලුම වෙළෙඳ ව්‍යාපාර වසා දැමිමට තීරණය කළ බව මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ ලේකම් වජිර කීර්ති මහතා පවසයි.

හෙට දින පෙරවුරු 9.00 ට සිංහල වෙළඳ පෙරමුණේ සියලුම ව්‍යාපාරකයින් මහනුවර සිංහල වෙ‍ළෙඳ පෙරමුණේ මුලස්ථානයට පැමිණ පා ගමනින් රතන හිමියන් උපවාසයේ නිරත වන ශ්‍රී දළදා මාළිගාව අබියසට ගොස් සහයෝගය දක්වන බව වජිර කිර්ති මහතා වැඩි දුරටත් පවසයි.

මේ සදහා දෙමළ වෙළඳ සංගමයද සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ භාන්ඩාගාරික යසස් චන්ද්‍රෙස්කර මහතා කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස