නැඟෙනහිර ජැටිය වෙනුවෙන් ජීවිතය පූජා කරනවා….! – ඩෑන් ප්‍රියසාද්….

January 24, 2021 at 11:43 pm | by emanisa.lk

මීටර් 1300ක් දිගැති කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය මේ වන විට මීටර් 400කට වඩා ඉදිකර අවසන් බවත් ඉතිරි කොටස වරායේ ආදායමින් කළ හැකි බව වරාය සේවකයින් පවසන බවත් ඩෑන් ප්‍රියසාද් පවසයි.

වරාය වෘත්තීය සමිති නැඟෙනහිර පර්යන්තය රැක ගැනීමට සටන් කරන්නේ අනාගත දරු පරපුර වෙනුවෙන් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ඉන්දීය අයෝජකයින් අපට උවමනා නැති බවත් උවමනා නම් දේශීය ආයෝජකයින් ලබා දීමට තමන් සූදානම් බවත් ප්‍රියසාද් සඳහන් කරයි.

ඇමරිකාව, චීනය සහ ඉන්දියාව මේ රටේ කොටස් අල්ලා ගෙන ඇති බවත් අනාගතයේ අපට රටක් ඉතිරි නොවන බවත් ඔහු සඳහන් කළේ ය.

නැඟෙනහිර පර්යන්තය රැක ගැනීම සඳහා විශාල තරුණ පිරිසක් සමඟ ජීවිතය පූජා කරමින් අරගල කිරීමට තමන් සූදානම් බවත් ඩෑන් ප්‍රියසාද් අවධාරණය කළේ ය.

අද (24) ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස