නැඟෙනහිර ජැටිය ගැන ලංකාවට හිතුමතේ වැඩ බෑ..! එය ඉන්දියාවට දීම අත්‍යවශ්‍යයි…! – ඇමරිකාව…

January 27, 2021 at 2:47 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධනය සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අනාගතය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් වන බව ඇමරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් පවසයි.

මේ සඳහා ඉන්දියානු සමාගමක් සම්බන්ධ වීම තුළින් ශ්‍රී ලංකාවට වැදගත් ආර්ථික සංවර්ධනයක් අත්පත්කරගත හැකි වනු ඇති බවත් ඇය පෙන්වා දෙයි.

චීනය ශ්‍රී ලංකාවේ සබඳතා ගැන සැලකිලිමත් වන තාක්කල් එක්සත් ජනපදය ද රටවල් අතර හවුල්කාරිත්වය විවෘත හා විනිවිද පෙනෙන අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විය යුතු බව ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.

ඇමරිකානු තානාපතිනිය මේ බව අනාවරණය කර ඇත්තේ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස