නාවික හමුදා රහස් ලිපිගොනු 200ක් බටහිර තානාපති කාර්යාලයකට! යහපාලන නාවික හමුදාපති සින්නයියාගේ වැඩක්?

February 22, 2020 at 11:21 am | by emanisa.lk

යහපාලන රජය යටතේ නාවික හමුදාවේ රහස් තොරතුරු අඩංගු ලිපිගොනු 200 ක් අතුරුදන් වී ඇත.

මේ ලිපිගොනු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සහ බටහිර රටක කොළඹ පිහිටි තානාපති කාර්යාලයටද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවටද ලැබී ඇතැයි ආරංචි මාර්ග හෙළි කළේය.

යහපාලන රජය විසින් පත් කරන ලද නාවික හමුදාපතිවරයකු සිටි සමයේදී මේ ලිපිගොනු අන්තර්ධාන වී ඇතැයි හෙළි වී තිබේ.

එම ලිපි ගොනු පසුගිය සමයේදී රහස් පොලිසිය වෙතද ලැබී තිබිණි. ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ හිටපු නාවික හමුදාපතිවරුන් වූ රවීන්ද්‍ර විජයගුණරත්න වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික නිලධාරීන් 11 දෙනෙකු ඉලක්ක කර මෙම ලිපිගොනු මානව හිමිකම් කවුන්සිලයට ලබා දී ඇති බවයි.

මේ හැර ත‍්‍රිකුණාමලයේ නාවික කඳවුරේ භූගත කඳවුර ස්ථාපිත ස්ථානය පවා මානව හිමිකම් කවුන්සිලය වෙත හෙළිකිරීමට හිටපු නාවික නිලධාරියෙක් ක‍්‍රියාකර ඇත. රජයේ හමුදාවකින් අතුරුදන් වූ විශාලතම ලිපි ගොනුව මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස