නව නිරෝධායන රෙගුලාසි මෙන්න….! පළාත් සංචරණ සීමා තවත් සති දෙකකට දිගු වෙයි….! මෙතෙක් පැවැති සීමා ගණනාවක් ලිහිල් කෙරේ….!

July 10, 2021 at 11:14 am | by emanisa.lk

කොවිඩ් පාලනය සඳහා පනවා ඇති පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අතර කොවිඩ් පාලනය සඳහා පනවනු ලැබ තිබූ තවත් සීමා කිහිපයක් රජයේ විසින් ලිහිල් කරනු ලැබ ඇත.

මේ අනුව පන්සල් කෝවිල් පල්ලි ආදී පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන අතර මංගල උත්සව පැවැත්වීමට ද අවසර හිමිවේ. එහෙත් මංගල උත්සවයක් සඳහා සහභාගී කර ගත හැක්කේ උපරිම ලෙස එකසිය පනස් දෙනෙකු පමණි. මංගල උත්සව ශාලාවකට රැස්විය හැක්කේ එහි ආසන සංඛ්‍යාවෙන් සියයට 25කි.

එසේ ම ඇවිදීමේ මංතීරු , හොටෙල් අවහන්හල්, ආහාර පිටතට ගෙන යන අවන්හල් හා පිහිනුම් තටාක යනාදී ස්ථාන විවෘත කිරීමට ද අවසර හිමි වී ඇත.

කොවිඩ් ආසාදිත නොවන මරණ අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතු වේ. ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගි විය හැකි බව ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වේ.

මේ අතර වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම ආදිය පැවැත්වීමට අවසර හිමි වන අතර ඒ සඳහා උපරිම සහභාගීත්වය 50 දෙනෙකුට සීමා විය යුතුය.

කෙසේ වෙතත් කැසිනෝ, රාත්‍රී සමාජශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තව දුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස