නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට! තරඟයේ වීරයා දිමුත්!

August 18, 2019 at 2:54 pm | by emanisa.lk

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මෙම තරගයේ පළමු ඉනිම සඳහා නවසීලන්ත පිල ලකුණු 249ක් ද ශ්‍රී ලංකා පිල ලකුණු 267ක් ද ලබාගැනීමට සමත් විය.

අනතුරුව දෙවැනි ඉනිම සදහා නවසීලන්ත කණ්ඩායම ලකුණු 285ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිලට ලකුණු 268ක අභියෝගයක් හිමිවිය.

ශ්‍රී ලංකා පිල කඩුළු 4ක් දැවී ලකුණු 268ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීම සමත් විය. ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 122ක් රැස්කර ගත් අතර, ඔහුට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස