හතුරුසිංහ ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් පන්නයි! පරිපාලන නිලධාරියෙක් පුහුණුකරු කරන සූදානමක්!

August 6, 2019 at 10:21 am | by emanisa.lk

නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නැයි තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සුදානමක් ඇති බව ද ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස