නවක මන්ත්‍රීවරුන්ට වාහන මිල දී ගත් කතාව බොරු….! යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා….! – අගමැති…

May 27, 2021 at 7:37 am | by emanisa.lk

නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අලුතින් වාහන ගෙන්වීමක් සිදුකර නැති බවත්, ඒ සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රතික්ෂේප කළ බවත් අගමැති මහින්ද රාජපක්‍ෂ පවසයි.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත‍්‍රීවරුන්ට වාහන ලබාදීම සාමාන්‍ය පිළිවෙතක් බව පැවසූ අගමැතිවරයා ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවට අලුතින් පත් වූ මන්ත‍්‍රීවරුන් සඳහා වාහන මිල දී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබූ බව ද කීවේය.

කෙසේ වුව ද එම යෝජනාව මේ මොහොතේ ක‍්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා තරයේ ප‍්‍රතික්‍ෂෙප කළ බව පැවසූ අගමැති මහින්ද රාජපක්‍ෂ නවක මන්ත‍්‍රීවරුන්ට අලුතින් වාහන මිල දී ගැනීමක් සිදුකර ඇතැයි සමාජය තුළ වැරදි මතයක් පැතිර ගොස් ඇතැයි ද එහි කිසිදු සත්‍යතාවක් නැතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *