අලුත් මන්ත්‍රීවරුන්ට ජීප් රථ ලබා දීමේ සූදානමක්….! යෝජනාව අගමැති මහින්දගෙන්….!

May 24, 2021 at 7:52 am | by emanisa.lk

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිරිවැය අතින් වාසිදායක ජීප් රථ ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි.

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙලෙස ජීප් රථ ලබා දීමට මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ලබාදීමට සැලසුම් කර තිබේ. මෙම වාහන මෙරට ප්‍රධාන පෙළේ වාහන සමාගමකින් මිල දී ගැනීමට ද මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාවකාලිකව නතර කර ඇත. එහෙත් තෝරාගත් වාහන සීමිත ප්‍රමාණයක් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇත. එහි දී ගිලන් රථ 50ක්, වතුර බවුසර් 50ක්, ඩබල් කැබ් රථ 50ක්ද මිල දී ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *