මන්ත්‍රී වාහන ගෙන ඒමේ තීන්දුව තව දුරටත් කල් දැමේ….!

May 24, 2021 at 8:00 pm | by emanisa.lk

නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජීප් රථ ලබා දීමට ගෙන තිබූ තීන්දුව තව දුරටත් කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මෙතෙක් පැවැති මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවළෙ ජනාධිපතිවරයා විසින් නවතා දමා තිබේ. එසේ ම රාජ්‍ය ආයතන සඳහා වාහන මිලයට ගැනීම ද 2023 වසර දක්වා නවතා දමා තිබේ.

එවැනි පසුබිමක නවක මන්ත්‍රීවරුන් සඳහා සිය ධූර කාලය අවසාන වූ පසු නැවත ලබා ගැනීමේ පදනම යටතේ ජීප් රථ ලබා දීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි.

එහෙත් රටේ පවතින විදෙස් සංචිත ගැටලු ද සැලකිල්ලට ගෙන එම තීන්දුව තව දුරටත් පමා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (24) හවස සූම් කැබිනට් හමුවේ දී තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *