කොරෝනා සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවසට අදත් දහස් ගණනක් ජනතාව පැමිණ තිබේ.
ඒ වෙද මහතා එම නිවසේ මේ වන විට බෙහෙත් නිකුත් නොකරන බව මාධ්‍ය ඔස්සේ රටට ම වාර්තා කර ඇති පසුබිමක ය.
කෙසේ වුව ද පොලිසිය පැමිණ එම ජනතාව විසිරුවා හැරීමට කටයුතු කළ අතර “දෙයියෝ ගහ ගහ එළවනවා!” යැයි කියමින් ජනතාව නිවස දෙස සිට වේගයෙන් පාර දිගේ දිව යනු දක්නට ලැබිණි.