දූෂිත කාති උසාවි එපා….! රට ම එක නීතියක් යටතට ගේන්න…! ඉස්ලාමය උගන්වන්නේ රටේ නීතියට අවනත වෙන්නයි…! – මුස්ලිම් වියතුන්…

January 21, 2021 at 11:44 pm | by emanisa.lk

මුස්ලිම් විවාහ දික්කසාද නීතියට අදාළ ඉස්ලාමීය නීතිය පදනම් කරගත් කාති උසාවි ක්‍රමය වහාම අහෝසි කළ යුතු බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල ප්‍රකාශ කරයි.

කාතිවරුන් සමාජයට විශාල අපරාධයක් කරන බවත් දෙපාර්ශ්වයෙන් ම මුදල් ලබා ගෙන කාන්තාවන්ට අවාසිසහගත තීන්දු ලබා දෙන බවත් එහි සභාපති මොහොමඩ් ෆියාස් පකීර්ඩින් පවසයි.

සාමාන්‍ය මුස්ලිම් ජනතාව 90%ක් කාති උසාවිවලට අකමැති බවත් මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ව්‍යාපාරිකයන් ඊට කැමති මුදලට කාතිවරුන් මිලයට ගතහැකි නිසා බවත් ඔහු සඳහන් කරයි.

මෙම ප්‍රෝඩාවට අධිකරණ සේවා කොමිසම ද රැවටී ඇති බවත් රටේ නීතියට අවනත වන ලෙස ඉස්ලාමය උගන්වන බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

මාර්ග වැරදි, මිනි මැරුම් සඳහා රටේ සාමාන්‍ය උසාවිවලට යා හැකි නම් විවාහ දික්කසාදය සඳහා පමණක් කාති උසාවි කුමට දැයි මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල ප්‍රශ්න කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස