එකම රටක් එකම නීතියක් යටතේ ජීවත් වෙන්න ඉඩ දෙන්න! කාති උසාවි නම් අපට එපා! – මුස්ලිම් කාන්තාවක් ජනාධිපතිට ම පැමිණිලි කරයි…

August 28, 2020 at 9:37 am | by emanisa.lk

කාති උසාවිය තමන්ට අසාධාරණයක් කළා යයි පවසමින් මාලිගා කන්ද ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නම් කාන්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ දිනයේ (27) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

තමන් අබාධිත දරුවකු බිහි කළ බව පවසමින් සිය සැමියා තමන්ට එරෙහිව දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවත් එහිදී කාති උසාවිය තමන්ට අසාධාරණයක් කළ බවත් එහි දැක්වෙයි.

ඇය තම දරුවාද රැගෙන පැමිණ එම කරුණ පිළිබඳ පැමිණිල්ල ඊයේ (27) ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර කළේය.

“අද මම ආවේ ජනාධිපතිට ලියුමක් දීලා යළිත් එකම රටක් එකම නීතියක් යටතේ, සමස්ත මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් කරන ඉල්ලීමක්, අපිට කාති උසාවිය නම් එපා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස