දුමින්ද සිල්වා නිර්දෝෂයි…! ජනාධිපති සමාව දෙන්න…! – දේශපාලන පළිගැනීම් කොමිසමෙන් නිර්දේශ….

January 1, 2021 at 2:58 pm | by emanisa.lk

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම මගින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ යුතු බව ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය නියම කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බවට ඔහුගේ පියා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම එම පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු සිදුකළ අතර දුමින්ද සිල්වාට පළමුවෙන් මරණීය දණ්ඩනය නියම කළ මහාධිකරණයට ඔහු නිදොස්කොට නිදහස් කිරීමට අවස්ථාව තිබුණේ යැයි නිගමනය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

එම පදනමින් දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම උචිත බවට කොමිසම නිර්දේශ කර ඇති බව සඳහන් ය. දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් පෙත්සමක් ද මීට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දී තිබිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස