දුමින්ද සිල්වාට වගේ ම කොටි සැකකරුවන්ටත් සමාව දෙන්න ඕන! – මනෝ ගනේෂන්

October 26, 2020 at 10:21 pm | by emanisa.lk

තමා සුදුවෑන් පැහැර ගැනීම්, නීත්‍යානුකූල නොවන ඝාතන සහ කප්පම් සඳහා පැහැර ගැනීම්වලට එරෙහිව සටන් කළ මානව හිමිකම් ක්‍රියාධරයෙකු බව පාර්ලිමේන්තු මනෝ ගනේෂන් පවසයි.

මරණ දඬුවමට යටත්ව සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසක් යොමු කළ පෙත්සමට තම කණ්ඩායම ද අත්සන් කිරීම යුක්තිසහගත බව ප්‍රකාශ කර නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම ගැටුම අවස්ථාවේ දුමින්ද සිල්වා බීමත්ව සිට ඇති බවත් ඔහු එම වරද උදෙසා වසර පහක් සිර දඬුවම් විඳ ඇති බවත් මනෝ ගනේෂන් සඳහන් කරයි.

තරුණයින් වැරදි කරන බවත් ඒවා නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතු බවත් අවධාරණය කරන හෙතෙම මේ ආකාරයට ම කොටි සැකකරුවන්ට ද නිදහස ලබා දිය යුතු බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස