නිරෝධායන නීති රකින එක විපක්ෂයට අවාසියි! වහාම ඡන්දය කල් දමනු! – සජිත්

July 13, 2020 at 12:29 pm | by emanisa.lk

කොරෝනා දෙවන රැල්ලක් පැමිණ ඇති බව ආණ්ඩුව පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහතේ මේ පිළිබඳ දත්ත තොරතුරු ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව පමණක් බවත් එහෙයින් එම දත්තවල විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඡන්දය කල් දමන ලෙස මැතිවරණ කොමිසම හමු වී නොබියව ප්‍රකාශ කළේ තමන් බවත් ආණ්ඩුවේ පීඩනය හමුවේ මැතිවරණ කොමිසම ඡන්දය සඳහා දින ලබා දුන් බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුවද මැතිවරණය ප්‍රකාශ කළ පසු කොරෝනා වසංගතය යැයි කියා නිරෝධායන නීති පැනවීමට කොමිසමට අයිතියක් නැතැයි ද එසේ වූ විට අවාසිය වන්නේ විපක්ෂයට බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.

එහෙයින් කළ යුත්තේ ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම සාකච්ඡා කර මැතිවරණය කල් දැමීම ද බවද හිටපු විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස