කොරෝනා දෙවන රැල්ලක අවධානමක් තියෙනවා! අහඹු පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය වහාම වැඩි කළ යුතුයි! – GMOA

July 10, 2020 at 8:39 am | by emanisa.lk

කොරෝනා රෝගීන් තව දුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දැනුම් දෙයි.

එසේ නොකර රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ බලධාරීන් භාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප‍්‍රනාන්දු (09) සඳහන් කළේය.

කොරෝනා වසංගතය ආරම්භක සමයේ ජනාධිපති තාක්‍ෂණික කමිටුව සතියකට දෙවරක් පමණ රැස් වී සාකච්ඡා කර තීන්දු තීරණ ගත්තත් මේ වන විට එය මාසයකට වරක් රැස්වන තත්ත්වයට පත්ව ඇතැයි ද ලේකම්වරයා අනාවරණය කළේය.

මෙම කමිටුවේදී වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්‍ෂක අංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වී සාකච්ඡා කර තීන්දු තීරණ ගත් බව ද ඒ මහතා අවධාරණය කළේය.

වසංගත රෝග විද්‍යා අංශයම මසකට පී.සී.ආර්. පරීක්‍ෂණ 68,000 ක් පමණ සිදුකළ යුතු බව කීවත් මේ වනවිට දිනකට එවැනි පරීක්‍ෂණ සිදුකරන්නේ 1000-1500 ක් අතර ප්‍රමාණයක් යැයි ද සෙනාල් ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස