දිගට ම ඉහළින් කැපිලි! මාධ්‍ය ප්‍රකාශක වුණාට මාධ්‍ය සාකච්ඡා තහනම්! රාජ්‍ය සේවයට සමු දෙන්නයි කල්පනාව! – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

October 16, 2020 at 8:01 am | by emanisa.lk

තමනට එන්න එන්න ම එල්ල වන බලපෑම් වැඩි වෙන බව බවත් එනිසා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ගැන ඉක්මනින්ම කල්පනා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරයි.

තමා මාධ්‍ය ප්‍රකාශක වුවද ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම තහනම් කර ඇති බවත් තමා සහභාගි වූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය සාකච්ඡාව කල්දැමූ බව තමාට දැනුම් දුන් බවත් ඔහු පවසයි.

දැනට තමන් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නොව කොවිඩ් සම්බන්ධ මාධ්‍ය ප්‍රකාශක පමණක් බවත් කොවිඩ් අවසන් වූ පසු එම ධුරය අවසන් වන බවත් ඔහු පැවසුවේය.

තමන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානී තනතුරෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණයක් බවත් තමන්ට අත්වූ ඉරණම කිසිදු රාජ්‍ය සේවයකයෙකුට අත් නොවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සාකච්චාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස