රට lockdown කරන්න කිසි ම තීන්දුවක් ගෙන නෑ! – රජය

October 13, 2020 at 8:33 am | by emanisa.lk

රෝගීන් කළමනාකරණය කරමින් රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශවල සංචරණය සීමා කරමින් රෝගය පාලනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

මේ රටේ ජනතාව මාස 9ක් තිස්සේ කොරෝනා මර්දනයට හුරු වූ බවත් ඒ සඳහා ඉදිරියට ද ජනතා සහාය උවමනා බවත් ඔහු පෙන්වා දෙයි.

ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානයට ජනතාව එරෙහි වූ ආකාරයට ම මුව ආවරණ නො පළඳින අයට ද එරෙහි විය යුතු බව හෙතෙම සඳහන් කරයි.

කෙසේ වුව ද රට ම වසා දැමීමේ (lockdown) කිරීම සඳහා රජය මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තහවුරු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස