ද්විත්ව පුරවැසි බාධාව ඉවත් කිරීමට අපි විරුද්ධයි! – 20ට එරෙහිව ශ්‍රිලනිපය සටනට…

September 4, 2020 at 12:12 pm | by emanisa.lk

ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පළ කරයි.

එහි හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පිවිසීමේ අවස්ථාව ලෝකයේ බොහෝ රටවල අහිමි කර ඇති බවයි.

එනිසා මෙම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ ලැබීමට එකඟ විය නොහැකි බව ද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට මීළඟ මධ්‍යම කාරක සභාවේදි කටයුතු කරන බවද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස