ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තිය වහාම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි! – යහපාලන ආණ්ඩුකරුවෙක් කියයි..

August 11, 2020 at 10:17 am | by emanisa.lk

ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සඳහා නුසුදුසුකමක් බව ප්‍රකාශ කරන වගන්තිය පළමු ව්‍යවස්ථා සංශෝධනයෙන්ම ඉවත් කළ යුතු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

යහපාලන ආණ්ඩුවේ සමීපතමයෙකු වූ රජිත් එම ආණ්ඩුව යටතේ ආණ්ඩුකාර ධුරවල ද කටයුතු කළ අතර මෙම සංශෝධනය ගෙන ආවේ එම ආණ්ඩුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේය.

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමි කළේ ද මෙම නීතිය ඔස්සේය. එහෙත් ඒ අවස්ථාවේ රජිත මෙම නීතිය සඳහා එරෙහි නොවීම ද මහ මැතිවරණයට පසු මෙම ප්‍රකාශය සිදු කිරීම ද විශේෂත්වයකි. එසේම දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද්විත්ව පුරවැසියන් බව ප්‍රකාශ වුවද ඔවුන්ට එම නීතිය බලාත්මක වූයේ ද නැත.

මේ වන විට උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ද්විත්ව පුරවැසියෙකු බවත් ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි බවත් පවසමින් විරෝධයක් මතුව තිබේ. රාඝවන් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස