තිලිණි ප්‍රියමාලි ජීවත් වුණේ අරලියගහ මන්දිරේ…! නඩු දාන්න නොදුන්නේ රාජපක්ෂලා…! තිලිණිගේ සැමියා අනාරාධිතිව ඇවිත් මං එක්ක පොටෝ ගත්තා…! – වසන්ත සමරසිංහ…

October 14, 2022 at 8:39 am | by emanisa.lk

බිලියන ගණනක මූල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව කාලයක් ජීවත් වුණේ අරලියගහ මන්දිරයේ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ හෙළි කරයි.

ඇයට නඩු දැමීමට ඉඩ නොදුන්නේ රාජපක්ෂලා බවත් පවසන ඔහු මෙම ගනුදෙනුව තුළ හුවමාරු වුණේ මුදල් පමණක්ම නොවන බව ද කියා සිටී. මෙය මහජන මුදල් කොල්ලයක් නොව දූෂිතයින්ගේ මුදල් කොල්ලයක් බවත් ඔහු කියා සිටී.

ඇය සතුව ඇත්තේ ජනතාවගෙන් හොරා කෑ අයගේ මුදල් නිසා පැමිණිලි දාන්න නොඑන බවත් රහස් පොලිසිය විසින් ඇයගේ බැංකු වාර්තා දුරකතන වාර්තා පරීක්ෂා කළහොත් සැබෑ හොරුන් අසුවන බවත් හෙතෙම කියා සිටියි.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුපිරි රථය රැගෙන ගියේ මෙම කාන්තාව බවත් ඒ සඳහා මුදල් නොගෙවූ බවත් වසන්ත සමරසිංහ සඳහන් කරයි.

තමා ප්‍රියමාලීගේ සැමියා සමග පෙනී සිටින ඡායාරූපය ජවිපෙ සංචාරක ප්‍රවර්ධන වැඩමුළුවක දී ගත් එකක් බවත් ඔහු නිල ආරාධනාවක් නොමැතිව එහි පැමිණ ඇති බවත් ප්‍රකාශ කළ දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු කියා සිටියේ තමා ඉන් පෙර ඔහු පිළිබඳ කිසිවත් නොදත් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ අයගේ නම් ද ව්‍යාජ ලයිස්තුවට දමා ඇත්තේ රාජපක්ෂලාගේ අසූචි කන සමාජ මාධ්‍යකරුවන් විසින් බව ද හෙතෙම කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස