අරගලයෙදි මට ලක්ෂ 15-20ක් ලැබුණේ නෑ….! ලැබුණ ලක්ෂ 7-8ත් වියදම් කළේ අරගලේටමයි…! – දමිතා….

October 13, 2022 at 10:51 am | by emanisa.lk

අරගලයට සහභාගි වී සිටිය දී තමාට ලක්ෂ 15-20 ක් නොලැබුණු බවත් ලක්ෂ 07-08 ක් ලැබුණු බවත් එම මුදල් ද වියදම් කළේ අරගලය වෙනුවෙන් බවත් රංගන ශිල්පිනි දමිතා අබේරත්න පවසයි.

අරගලය ක්‍රියාත්මක වූයේ, ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය අය ජනතාවට කිසිවක් නොකරන නිසා බවත් ජනතාව පාරට බැස්සා නොව ඔවුන් ජනතාව පාරට දැමූ බවත් ඇය පැවසුවාය.

තමාට ඡන්දයකින් පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් නැති බවත්, වෙනත් ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට යෑමට අවස්ථාවක් දෙනවා නම් දැනට සිටින අයට වඩා යමක් කළ හැකි බවත් ඇය මෙහි දී කියා සිටියාය.

අරගලයට උදව් කළ බොහෝ පිරිස් සිටි බවත් තම හිතවතුන් බඩු බාහිරාදිය දී මුදල් ලබාදීම් සිදු කළ බවත් එය ලක්ෂ 15ක් 20ක් නොව ලක්ෂ 07 ක් 08 ක් බවත් ඇය කීවාය. තමාගේ ස්වාමි පුරුෂයා කේරළයේ බවත් ඔහුගේ මව සිංහල බවත් ඇය කීවාය.

තමාගේ ස්වාමි පුරුෂයා ද්‍රවිඩ බවත් ඔහු විවාහ කරගත් පමණින් තමා කොටි වෙනවාද යන්න ප්‍රශ්න කරන බවත් ඇය පැවසුවාය. 1983 දී ස්වාමියා සිටි නිවස ගිනි තැබුවේ ද සිංහල මිනිසුන් බවට ද ඇය චෝදනා කළාය.

තිලිණි ප්‍රියමාලි නමැත්තිය තමාට සත පහක්වත් දී නැති බවත් තමා ද ඇය ළඟ මුදල් තැන්පත් කර නොමැති බවත් ඇය කීවාය. ඈ වරෙක තමාට රුපියල් ලක්ෂ 05 ක් තැන්පත් කරන ලෙසත්, එම මුදල වෙනුවට ලක්ෂ 10ක් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද
බැංකුවකින් ලබා නොදෙන පොලියක් ලබාදෙන බව ප්‍රකාශ කළ නිසා මුදල් ලබා නොදුන් බවත් දමිතා අබේරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *