අපි රටේ හරිම ජනප්‍රිය පුද්ගලයෝ…! නොදන්න අයත් කරට අත දාලා ෆොටෝ ගන්නවා..! තිලිණිගේ සිද්ධියත් එහෙමයි…! – පේෂල මනෝජ්…

October 10, 2022 at 10:47 am | by emanisa.lk

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන තිලිණි ප්‍රියමාලී සමග පැවැති සබඳතාව පිළිබඳ සංගීත ශිල්පි පේෂල මනෝජ් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

“මෙහෙම දෙයකුත් තියෙනවා. අපි මේ රට තුළ ජනප්‍රිය පුරවැසියන් නිසා අපිට එක එක විදියේ මිනිසුන් ආශ්‍රය කරන්න හම්බවෙනවා. ඒක එදිනෙදා සමාජයේ සාමාන්‍ය දෙයක්.

අපි පාරේ යද්දි පවා මිනිසුන් අපි එක්ක ෆොටෝ ගන්නවා. ඒ ගන්නේ කාලාන්තරයක් තිස්සේ දන්නවා වගේ කරට අත දාගෙන එහෙම.

කවුරු හරි එහෙම කෙනෙක් පවා වරදකට සම්බන්ධ වුණොත් පොලිසියෙන් හෝ උසාවියෙන් ෆෝන් චෙක් කරද්දී අපි එක්ක ඉන්න ෆො​ටෝ එකක් තිබ්බොත් අපි මොකද කරන්නේ.

අපි හරිම සර්ව සාධාරණ විදිහට ජීවත් වෙන්නේ. මම නම් කැමැති නැහැ මොන විදිහකින්වත් ඔළුවේ කැක්කුම් දාගන්න. මේ ර​ටේ නීතියක් තියෙනවා. ඒ වගේම හොඳ පොලිසියක් තියෙනවා. ඒ අයට පුළුවන් මේකට සම්බන්ධ අය හොයන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *