තිළිණිට සල්ලි දුන්නා කියලා වැදගත් අපට අපහාස කරනවා…! ආණ්ඩුවේ ජාවාරම්කාරයින්ගේ උදව් නැතිව තිළිණිට මේවා කරන්න බෑ..! – දමිතා…

October 12, 2022 at 4:56 pm | by emanisa.lk

තිලිණි ප්‍රියමාලිට මුදල් දුන් බවට ප්‍රචාරය කරන ලැයිස්තුවේ අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ නම ද ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න චෝදනා කරයි.

දමිතා පෙන්වා දෙන්නේ, පසුගිය සමයේ තමන් හොරු යැයි හැඳින් වූ කිසිවෙකුගේ නම් එම ලැයිස්තුවේ නැති බවයි.

මේ පිළිබඳ අසත්‍ය චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ සියලු දෙනාට එරෙහිව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි, ඇය ප්‍රකාශ කළේ.

එම පිරිස කැඳවා ඔවුන් අදාළ පිරිසට අපහාස කළේ ඇයිදැයි සොයා බැලිය යුතු බව ද කීය.

ආණ්ඩුවේ කළු සල්ලි ජාවාරම්කාරයින්ගේ සහයෝගය නොතිබිණි නම් තිළිණි ප්‍රියමාලිට මෙවැනි කූඨ ව්‍යාපාර කරමින් මෙතෙක් පවතින්නට නොහැකි බව ද දමිතා අබේරත්න සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *