පේරාදෙණි සිසුන් ආරක්ෂිත කැමරා එපා කියයි! ආරක්ෂිත කැමරා සවි කරන තුරු ආචාර්යවරු ඉගැන්වීම් නවතයි!

June 21, 2019 at 5:55 pm | by emanisa.lk

පසුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ ඇති වූ අනාරක්ෂිත වාතාවරණය නව ආරක්ෂක විධිවිධාන පිළිබඳ සාකච්ඡා වූ අතර පොදු ස්ථානවල සීසීටීවී යන්ත්‍ර සවිකිරීම එහි එක් පියවරක් විය.

විශ්වවිද්‍යාල තුළ පරිපාලකයින්ටද එහි ආරක්ෂාව තහවුරු කිරීම පිණිස සීසීටීවී සවි කිරීමේ උවමනාව ඇති විය. පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ ද සීසීටීවී සවි කිරීමේ යෝජනාවක් සමග පාලනාධිකාරිය සහ ශිෂ්‍ය සංවිධාන අතර ගැටුමක් ඇති විය.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ද සීසීටීවි කැමරා සවි කිරීමේ යෝජනාවක් පදනම් කරගෙන සිසුන් සහ ආචාර්ය මණ්ඩලය අතර ගැටුමක් ඇති වී ඇත.

එහිදී සීසීටීවී කැමරා සවි කරන තුරු ආචාර්වරුන් දේශනවලට සහභාගී නොවී සිටීමේ තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි. සීසීටීවී නවක වධය ඇතුළු විවිධ විනය විරෝධී ක්‍රියා සඳහා බාධාවක් වේ යැයි ශිෂ්‍ය සංගම් බියට පත්වීම මෙම ගැටුමට හේතු වී ඇතැයි ද පැවසෙයි.

සිසුන් විශ්වවිද්‍යාලයේ නව ආරක්ෂක වැඩපිළිවෙළට සහාය නොදැක්වීම නිසා කළමනාකරණ පීඨයේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස