ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැදුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව
අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකු විසින් හෙළි කර තිබේ.
දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී ඇත.
මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ තවත් ආරක්‍ෂිත නිවසක් මීගමුවෙන් සොයාගෙන ඇත.