ඊයේ (14) දිනය ඇතුළත තවත් කොරෝනා ආසාදිතයන් 389 දෙනෙකු හමු වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ සියලු දෙනා මිනුවන්ගොඩ-පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව ද හමුදාපතිවරයා සඳහන් කරයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 16 583 දක්වා ඉහළ ගොස් ඇති අතර සම්පූර්ණයෙන් සුවය ලද පිරිස 11 324කි.
මරණ 53ක් වාර්තා වන අතර 5206 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.