“තමුසෙගේ ඔළුව හොඳ නැද්ද?” කියලා මෛත්‍රී ජනාධිපතිතුමා මගෙන් නිතර ඇහුවා! – හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානී හෙළිකරයි…

September 18, 2020 at 7:57 pm | by emanisa.lk

⁣හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ආරක්ෂක කවුන්සිලයට නොකැඳ වූයේ ජනාධිපති මෛතීපාල සිරිසේනගේ නියෝග අනුව බව හිටපු බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව (17) අනාවරණය කළේය.

එවක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට යන බව ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමත් සමග වහාම නිශාන්ත සිල්වා මාරු කර යවන ලෙස පොලිස්පතිට කළ නියෝගය පොලිස් කොමිසට දැන්වීම නිසා මෙම ගැටුම ඇති වූ බව ඔහු පවසයි.

ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් අතර නයි පොළොං වෛරයක් පැවති බවත් නිලධාරීන් ලෙස තමන් ඊට ගොදුරු වූ බවත් හෙතෙම අනාවරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ හෝ දින 52 ආණ්ඩුව සමයේ මහින්ද රාජපක්ෂ හෝ ආරක්ෂක කවුන්සිලයට කැඳවීමට ජනාධිපතිවරයා ඉඩනොදුන් බව ද සිසිර මෙන්ඩිස් අනාවරණය කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් සඳහන් කළේ ජනාධිපතිවරයා නිතර තමාගෙන් ඔළුව හොඳ නැද්දැයි ඇසූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස