යහපාලනාණ්ඩුව සංහිඳියාවට මිස ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දුන්නේ නෑ! – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී

September 9, 2020 at 4:05 pm | by emanisa.lk

තමන් ජාතික බුද්ධි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය ලබා නොදි, සංහිඳියාවට ප‍්‍රමුඛත්වය ලබාදීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් පිළිගත්තේය.

ජාතික බුද්ධි තොරතුරු ගබඩා කරන ආකාරය පිළිබඳ තමාට අවබෝධයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

ඒ පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඔහු ඊයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදිය.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වන විට මෙරට ජාතික බුද්ධි සේවයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් සාක්ෂි විමසීම සඳහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ (8) මෙලෙස කැඳවා තිබුණේ පළමු වරටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස