පාස්කු ප්‍රහාරය වළක්වගන්න බැරි වුණේ පොලිසියේ බැරිකම නිසායි! මම රාජකාරිය හරිය⁣ට ම කළා! – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී

September 16, 2020 at 5:52 pm | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් පවසයි..

පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප‍්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත‍්‍රස්ත මර්නද හා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවය.

කෙසේ වෙතත් හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස්ගෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්ථාවේ බොහෝ පාර්ශ්ව එහි රැඳී නොසිටීම ජනපති කොමිසමේ දැඩි අප‍්‍රසාදයට ලක්විය.

ජාතික බුද්ධි ප‍්‍රධානී ලෙස පාස්කු ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ සේවය කළ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්  ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ 06 වන දිනටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස