ටාජ් සමුද්‍රා හෝටලේ දයාන් පාඨලී ශානි කුමන්ත්‍රණයක! පොහොට්ටුවේ මහමොළකරු බැසිල්ගේ ජීවිතේ අනතුරේ! 

July 29, 2020 at 8:36 pm | by emanisa.lk

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පසුගියදා පැවති රහස් සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ ජීවිතය පවා අනතුරට පත්විය හැකි බැවින් වහාම ඔහුගේ ආරක්ෂාව තරකළ යුතු බව රුහුණු රට භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති.

හිටපු තානාපතිවරයකු වන දයාන් ජයතිලකගේ මෙහෙයවීමෙන් ඇමරිකානුවන් දෙදෙනෙක් ඇතුළු හිටපු ඇමති පාඨලී චම්පික රණවක සහ හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඒ සඳහා ලක්ෂ 50කට අධික වියදමක් දරා ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ එකතුවේ අරමුණ ආණ්ඩුව බලයට පත් වහාම යම් කඩාකප්පල්කාරී කටයුතු කිරීම බවත් ඊට ප්‍රධානම බාධකය වන බැසිල් රාජපක්ෂ ඉවත් කිරීම බවත් උන්වහන්සේ කීහ.

බැසිල් රාජපක්ෂ මේ රටේ සංවර්ධනයේ නියමුවා ලෙස කටයුතු කළ බවත් කුමන බාධක ආවත් ඔහු පාර්ලිමේන්තුවට පත්කොට යැවිය යුතු බවත් එහිමියන් අවධාරණය කළේය. පාර්ලිමේන්තුවේ යම් රික්තයක් ඇති වුවහොත් එය පිරවීමට බැසිල් හැර කිසිවෙකු නැතැයි ද උන් වහන්සේ පැවසූහ.

කස්ස්ප හිමියෝ මෙම අදහස් කළ කළේ (28) බොරැල්ල එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස