ඕෂධී තෝරලා තියෙන්නේ නාමයෝජනා මණ්ඩලේ හිටි බූරුවෙක්! – බැසිල්

July 23, 2020 at 11:32 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් වෙත තමන් මැතිවරණයට තරඟ කිරීමට තෝරාගත් නාම යෝජනා මණ්ඩලයේ බූරුවෙකු සිට ඇතැයි පැවසූ බව එම පක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

මේ බව ඔහු පවසා ඇත්තේ තමා සිදුකළ කතාවක් හොඳ දැයි එම අපේක්ෂිකාව බැසිල් රාජපක්ෂගෙන් විමසූ අවස්ථාවකය.

“අපේ අපේක්ෂිකාවක් මට එවනවා එයා දාලා කෑල්ලක් මේකේ ඉන්නේ ඔක්කොම බුරුවොයි, අශ්වයොයි කියලා. කියලා මගෙන් අහනවා හොඳ ද සර් කියලා. එයාගේ කමෙන්ට් එක. මම ලියලා ඇරියා අපේක්ෂකයෝ අතර අශ්වයොයි බුරුවොයි නැති වුණාට නාමයෝජනා මණ්ඩලේ බුරුවෙක් ඉදලා තමයි ඔයාට දෙන්න ඇත්තේ කියලා. නැත්තම් ඔය වගේ එක්කෙනෙක්ට දෙනව ද කියලා.”

ගාල්ල ප්‍ර දේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම ප්‍රසිද්ධ අශ්ව බූරු ප්‍රකාශය සිදුකළේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම විසිනි.

https://www.facebook.com/NewsfirstSL/videos/3346988471986039/?t=161&v=3346988471986039

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස