ඥානසාර හිමි නිදහස් කළැයි තවුහිද් ජමාත් ජිනීවා ප්‍රජාතන්ත්‍රවාදී දෙවොලේ උද්ඝෝෂණයක!

May 30, 2019 at 12:13 pm | by admin

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් ප‍්‍රංශයේ සිටින තව්හිද් ජමාත් ක්‍රියාකාරීන් තිදෙනකු ප‍්‍රමුඛ 30 කගෙන් සමන්විත පිරිසක් (28 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අබියසදී විරෝධතාවක් පැවැත්වූහ.

මෙහිදී එම ජනාධිපති සමාව අවලංගු කරන මෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන ලෙස ද ඔවුහු මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට්ගෙන් ඉල්ලා ඇත.

මෙම විරෝධතාව වෙත ජිනීවා නුවර සිටින මොරොක්කෝ පිරිසක් ද ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ලෙස දක්වමින් ගෙනවිත් තිබේ.

මෙම විරෝධතාවය මෙහෙය වූ තව්හිද් ජමාත් ක්‍රියාකාරීන් කව්දැයි ජිනීවාහි ශ්‍රී ලාංකිකයන් හඳුනාගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස