ජනතා විමුක්ති පෙරමුණ 88-89 සමයේ බැංකු 30ක් කැඩූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
එසේම තැපැල් කන්තෝරු 232ක් රාජ්ය ආයතන 210 කඩා ලංගම බස් 550ක් ගිනි තැබූ බව ද හෙතෙම පෙන්වා දෙයි.
එසේම එම කාලය තුළ පුද්ගලයන් 6661ක් ජවිපෙ විසින් මරා දමන ලද බව ද කබ්රාල් පවසයි.
ඒෂියන් මිරර් සමග සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.