ජවිපෙ ඊබ්‍රහිම්ට පසු තවත් අන්තවාදී ඉස්ලාම් සංවිධාන දෙකක් සමග එක්වෙයි!

July 17, 2019 at 12:30 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය සෙනසුරාදා (13) ජාතික ජන බලවේගය නමින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය සඳහා අන්තවාදී මත දරන ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාමි යන මුස්ලිම් සංවිධාන දෙක එක්වී තිබෙනවා.

මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලේකම් නීතිඥ එම්.එස්.එම් ෆාරිස් සභාව අමතමින් කතාවක් ද සිදු කර ඇත.

බංගලාදේශයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් සංවිධානයේ ලියාපදිංචිය තහනම් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2013 වසරේදී නියෝග කර ඇත.

හින්දු ජනතාව සමූල ඝාතනය කිරීමට වැරදිකරු වූ එම සංවිධානයේ නායක නසාමි නැමැත්තා 2016 මැයි 11 දින ඩකා බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.

ඉන්දියාවේ කාශ්මීර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක ජමාතේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය මෙම වසරේ මාර්තු මස තහනම් කරන ලද අතර ඉන්දීය රුපියල් කෝටි 52ක් පමණ වටිනාකමකින් යුත් මද්‍රසා පාසල්, නිශ්චල සහ චංචල දේපල රාජසන්තක කරන ලදි. 200කට අධික ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස