ජ’පුරින් කොරෝනා පොසිටිව් බවට බොරු වාර්තා! PCR පරීක්ෂණවලින් ඉවත් කළේ ඒකයි! (video)

July 12, 2020 at 3:02 pm | by emanisa.lk

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණවලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඩෙංගු පර්යේෂණායතනය ඇතුළු ආයතන කිහිපයක් ඉවත් කළේ එම ආයතන කොරෝනා ආසාදිත බවට නිකුත් කළ වාර්තා 13ක් අසත්‍ය බව සනාථ වීමෙන් පසු බව අනාවරණය වෙයි.

මෑතකදී ජින්තුපිටියේ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බව ජයවර්ධනපුර පර්යේෂණායතනය මගින් තහවුරු කර තිබුණ ද ඔහු ආසාදිතයෙක් නොවුණ බව සෞඛ්‍ය අමාත්‍යංශ පර්යේෂණගාරවල සිදුකළ පරීක්ෂණවලින් තහවුරු විය.

සෞඛ්‍ය අංශ සහ වෘත්තිකයන් පිළිබඳ ඇති විශ්වාසය මෙවැනි වාර්තා නිසා පළුදු වන හෙයින් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් නොවන පර්යේෂණායතන එම කටයුතුවලින් ඉවත් තීන්දු කර තිබේ.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව PCR පරීක්ෂණ කළ හැකි පර්යේෂණාගාර 10ක් ද පර්යේෂණ නිලධාරීන් 200ක් ද සිටින අතර එම ආයතන මගින් මෙතෙක් කොරෝනා ආසාදිත බවට කිසිදු අසත්‍ය වාර්තාවක් නිකුත් වී නොමැත.

කෙසේ වුව ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඩෙංගු පර්යේෂණ ආයතනය තම වාර්තා අසත්‍ය බවට සෞඛ්‍ය බලධාරීන් තීන්දු කරන්නේ යැයි චෝදනා කරමින් පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වන බව සඳහන් කර තිබේ. ආණ්ඩුව පවසන්නේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ප්‍රමාණයත් පරීක්ෂණ පහසුකම් ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස