ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා මම සියලු සුදුසුකම් සපුරා අවසන්! නමුත් හැකියාව තිබුණා කියලා මම තනතුරු පස්සේ යන්නේ නෑ! – රවී

August 13, 2019 at 4:12 pm | by emanisa.lk

ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට තමා සූදානම් බවත් ඒ සඳහා වන සියලු සුදුසුකම් තමන් සපුරා ඇති බවත් එජාප උපනායක ඇමති රවී කරුණානායක පවසයි.

දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබා දීමට අදාළ ගිවිසුම් පත්‍ර ලබා දීමේ අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව පැවසීය.

කෙසේ වුවද තමා තමන්ගේ මට්ටම තේරුම් ගෙන කටයුතු කරන බවත් හැකියාව තිබුණු පමණින් තනතුරු ඉල්ලා සිටීමේ පුරුද්දක් තමන්ට නැතැයි ද ඒ සඳහා සුදුසුකම් සපිරි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එජාපයේ සිටින බවත් ඔහු පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීම සිය පක්ෂයට අභියෝගයක් නොවන බවත් ලංකාවේ කතාකාරයන් මිස වැඩකාරයන් නැති බවත් පැවසූ ඇමතිවරයා ඉදිරියේ පෙරමුණක් ලෙස ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස